Tomb Raider යන අතිශය ජනප්‍රිය, උන්මාද ක්‍රියාදාම හා ත්‍රාසජනක
වීඩියෝ ක්‍රීඩා මාලාව මත පදනම්ව නිපදවූ Tomb Raider (2018)
චිත්‍රපටිය Roar Uthaugගේ අධ්‍යක්ෂණයකි. Tomb
Raider සඳහා මුල්ම අදහසක් ඇති වී ඇත්තේ 1994 දීය. එය Core
Design බ්‍රිතාන්‍ය ක්‍රීඩා සංවර්ධන චිත්‍රාගාරයේ ආරම්භ කර ඇත. ලොවපුරා
වීඩියෝ ක්‍රීඩාවක් ලෙස ඇරඹි මෙය අද ඉතා ජනප්‍රිය සන්නාමයකි.
රිචඩ් ක්‍රොෆ්ට් වන තම පියාගේ අභිරහස් නැති වීමත්
එක්ක ලාරා ක්‍රොෆ්ට්ට තනි උනා. බයිසිකලෙන් කෑම ඩිලිවරි සේවයේ යෙදෙන ලාර තමන්ගේ පිය
උරුමයෙන් ලැබෙන්නට තිබෙන විශාල ධනස්කන්ධය හා එහි පාලනයට එකතු වීම බැහැර කරනවා. ඒ
තම පියා තවමත් කොහේ හෝ යහතින් ජීවත්ව සිටී යයි සිතමින්. දවසක් පාපැදි කරුවන් සමග
වීදි ක්‍රීඩාවක යෙදෙමින් ඉන්න ලාර පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. මෙය දැනගන්නා
රිචඩ් ක්‍රොෆ්ට්ගේ (පියා) ව්‍යාපාරික සහකරු ඇනා මිලර් ඇයට ඇප ලබා දෙන්න පැමිණෙනවා.
ඒ වගේම ක්‍රොෆ්ට් උරුමය භාර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා අතර එහෙම නොවුනොත් සියල්ල
විකිණෙන්නට අවස්ථාවක් ඇති බව පවසනවා. ඒ නිසා අකමැත්තෙන් වුනත් ලාරා එයට එකඟව සියලු
උරුමයන්ට අදාළ පවරා ගැනීමේ ලිපි වලට අත්සන් කරමින් ඒවායේ භාරකරු වනවා. ලරාට ඒ
මොහොතේ විසඳුම් කැටයක් ලැබෙන අතර එහි තිබී ලිපියක් සොයා ගනී. ලිපියේ සඳහන්ව ඇති
තැනට ගොස් ඈ සොයා ගන්නවා තම රහස් පර්යේෂණ විනාශ කරන ලෙස ඉල්ලා සිටින පියාගේ වීඩියෝ
පටයක්.
ජීවිතය සහ මරණය කෙරෙහි මායාත්මක බලයක්ව අණ දෙන බව
කියන යමතායි හි මිථ්‍යා රැජිණ වන හිමකෝ පිළිබඳ මේ පරීක්ෂණ සියල්ල සිදු වී ඇත.
![]() |
| Alicia Vikander, Daniel Wu, Walton Goggins, Dominic West |
Angelina Jolieගෙන් පසු Lara Croft
චරිතය සඳහා නම් කීපයක් කරලියට පැමිණියේය. ඒ Megan Fox, Jennifer
Lawrence, Olivia Wilde සහ Mila Kunis
යන නිළියන්ගේ නම් ය. අවසානයයේ Alicia Vikander හට එම
අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටිය නිකුත්වීමට පෙර බොහෝ දෙනාගේ අදහස වූයේ Angelinaගේ තැන ඇයට හැකි වේ දැයි කියයි. නමුත් Vikander එය ජයගෙන ඇත. තම සියුමැලි ඇඟ මෙම ක්‍රියාදාම චිත්‍රපටය සඳහා වෙනම
පුහුණු වීම් වල ද නිරත වෙමින් වෙනස් කරගෙන තිබෙනවා. ඒ වගේම ඇය ක්‍රියාදාම ජවනිකා
සඳහා ඉතා හොඳින් පෙනී සිට ද තිබෙනවා.
සෙසු චරිත සඳහා Dominic West, Walton Goggins, Daniel
Wu යන අය සම්බන්ධ කරගෙන තිබේ.






.jpg)
.jpg)
No comments:
Post a Comment