Tomb Raider යන අතිශය ජනප්‍රිය, උන්මාද ක්‍රියාදාම හා ත්‍රාසජනක වීඩියෝ ක්‍රීඩා මාලාව මත පදනම්ව නිපදවූ Tomb Raider (2018) චිත්‍රපටිය Roar Uthaugගේ අධ්‍යක්ෂණයකි. Tomb Raider සඳහා මුල්ම අදහසක් ඇති වී ඇත්තේ 1994 දීය. එය Core Design බ්‍රිතාන්‍ය ක්‍රීඩා සංවර්ධන චිත්‍රාගාරයේ ආරම්භ කර ඇත. ලොවපුරා වීඩියෝ ක්‍රීඩාවක් ලෙස ඇරඹි මෙය අද ඉතා ජනප්‍රිය සන්නාමයකි.

රිචඩ් ක්‍රොෆ්ට් වන තම පියාගේ අභිරහස් නැති වීමත් එක්ක ලාරා ක්‍රොෆ්ට්ට තනි උනා. බයිසිකලෙන් කෑම ඩිලිවරි සේවයේ යෙදෙන ලාර තමන්ගේ පිය උරුමයෙන් ලැබෙන්නට තිබෙන විශාල ධනස්කන්ධය හා එහි පාලනයට එකතු වීම බැහැර කරනවා. ඒ තම පියා තවමත් කොහේ හෝ යහතින් ජීවත්ව සිටී යයි සිතමින්. දවසක් පාපැදි කරුවන් සමග වීදි ක්‍රීඩාවක යෙදෙමින් ඉන්න ලාර පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. මෙය දැනගන්නා රිචඩ් ක්‍රොෆ්ට්ගේ (පියා) ව්‍යාපාරික සහකරු ඇනා මිලර් ඇයට ඇප ලබා දෙන්න පැමිණෙනවා. ඒ වගේම ක්‍රොෆ්ට් උරුමය භාර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා අතර එහෙම නොවුනොත් සියල්ල විකිණෙන්නට අවස්ථාවක් ඇති බව පවසනවා. ඒ නිසා අකමැත්තෙන් වුනත් ලාරා එයට එකඟව සියලු උරුමයන්ට අදාළ පවරා ගැනීමේ ලිපි වලට අත්සන් කරමින් ඒවායේ භාරකරු වනවා. ලරාට ඒ මොහොතේ විසඳුම් කැටයක් ලැබෙන අතර එහි තිබී ලිපියක් සොයා ගනී. ලිපියේ සඳහන්ව ඇති තැනට ගොස් ඈ සොයා ගන්නවා තම රහස් පර්යේෂණ විනාශ කරන ලෙස ඉල්ලා සිටින පියාගේ වීඩියෝ පටයක්.

ජීවිතය සහ මරණය කෙරෙහි මායාත්මක බලයක්ව අණ දෙන බව කියන යමතායි හි මිථ්‍යා රැජිණ වන හිමකෝ පිළිබඳ මේ පරීක්ෂණ සියල්ල සිදු වී ඇත.

Alicia Vikander, Daniel Wu, Walton Goggins, Dominic West

ලාරා පියා සොයා මිත්‍යා රැජිනගේ මේ සොහොන කරා යයි. එහිදී ඇයට බිහිසුණු හා ත්‍රාසජනක සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදු වේ. කුඩා කාලයේ සිට ලාරා පියාගෙන් ඉගෙනගත් ශිල්ප නිසාත්, නිවැරදිව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව නිසාත් මේ සෑම සිදුවීමකටම මුහුණ දෙයි.

Angelina Jolieගෙන් පසු Lara Croft චරිතය සඳහා නම් කීපයක් කරලියට පැමිණියේය. ඒ Megan Fox, Jennifer Lawrence, Olivia Wilde සහ Mila Kunis යන නිළියන්ගේ නම් ය. අවසානයයේ Alicia Vikander හට එම අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටිය නිකුත්වීමට පෙර බොහෝ දෙනාගේ අදහස වූයේ Angelinaගේ තැන ඇයට හැකි වේ දැයි කියයි. නමුත් Vikander එය ජයගෙන ඇත. තම සියුමැලි ඇඟ මෙම ක්‍රියාදාම චිත්‍රපටය සඳහා වෙනම පුහුණු වීම් වල ද නිරත වෙමින් වෙනස් කරගෙන තිබෙනවා. ඒ වගේම ඇය ක්‍රියාදාම ජවනිකා සඳහා ඉතා හොඳින් පෙනී සිට ද තිබෙනවා.

සෙසු චරිත සඳහා Dominic West, Walton Goggins, Daniel Wu යන අය සම්බන්ධ කරගෙන තිබේ.

ඩොලර් මිලියන සීයකට වැඩි නිෂ්පාදන පිරිවැයක් වියදම් කරමින් නිපදවූ Tomb Raider (2018) චිත්‍රපටිය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 275කට වඩා උපයාගෙන තිබෙනවා. 

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්